Connect with us

පුවත්

ආනන්ද මැතිවරණ කොමිසමේ සභාපති තැනට

Published

on

ස්වාධීන මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආනන්ද රත්නායක මහතාගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස චන්ද්‍රවංශ පෙරේරා, දීපානි කුමාරජීව, ආචාර්ය රමේෂ් රාමසාමි සහ නීතිඥ අමීර් ෆයිස් යන මහත්ම මහත්මීගේ නම් යෝජනා වී ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා රැස්විය. 

ඒ අතර වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ නම මානව හිමිකම් කොමිසම සඳහා යෝජනා වී ඇති බවද වාර්තා වේ.

පුවත්

මත් කුඩු කිලෝ 450ක් අද පුත්තලමේදී විනාශ කෙරේ

Published

on

By

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද  පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදු කෙරේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබයි.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ විසින් පසුගිය කාලවකවානුවේ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව දැනට නඩු කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Continue Reading

පුවත්

කැත්‍රින් ගෙන් චීනයට විරෝධය  

Published

on

By

ශ්‍රී ලංකා ආර්ථික මුහුදු කලාපයෙන් චීන පර්යේෂණ නෞකා ඉවත්කර තැබීම සඳහා අමෙරිකාව මෙරට රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාව සඳහා නම් කළ නව අමෙරිකානු තානාපතිනි එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය එරට සෙනට් සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව් නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය නම් කර තිබේ.

එරට ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.

පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් පාලනය සමයේ එරට කටයුතු සඳහා අමෙරිකාවේ ප්‍රබලව මැදිහත්වීමක් සිදුවූ බවට ද චෝදනා එල්ලවන්නේ එවන් පසුබිමක් තුළය.

කෙසේවෙතත් හෝස්ට් මහත්මිය මෙරට තානාපතිනිය ලෙස පත්වන්නේ එරට සෙනෙට් සභාවේ සහ ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය හිමිවීමෙන් පසුව වන අතර පසුගියදා ඇය අමෙරිකාවේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව හමුවට කැඳවනු ලැබීය.

කෙසේවෙතත් එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්:

“ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ ඇමරිකාව”  – උදය ගම්මන්පිල

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

Published

on

By

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ (17) පවසන ලදී.

රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමණාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් මෙම නඩු පවරා තිබුණි.

එම ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට උපුල් තරංග ක්‍රීඩකයාට බලපෑම් කිරීමට එරෙහිව කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකාර යෝගි පටෙල්ට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ පැවරූ අධිචෝදනා නඩුවේ විභාගය ජූලි මස 08 දින ආරම්භ වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved