පුවත්

තුවක්කු හැදූ අරගලයේ කෙරුමෙක් බෑණා එක්කම අත්අඩංගුවට!

Published

on

ගිනිඅවි නිපදවන දර්ශන සමාජ මාධ්‍ය හරහා නරඹා ගිනිඅවි දෙකක් නිෂ්පාදනය කළ අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු සිය බෑනා සමග ඊයේ (20වැනිදා) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක්, 7.62 x39 උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ඩ්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකාර මාමා හා බෑනා නිපදවූ ගිනිඅවි වෙනත් පුද්ගලයන් අතට පත්කර තිබේද? මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද? යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොළ ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳ සැලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බවද පැවසේ.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

Trending

Exit mobile version