පුවත්

“තුවාලය සැත්කමක් කරල හොඳ කරගමු” (වීඩියෝ)

Published

on

“මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නෑ. අපි සැත්කමක් කරලා මේ තුවාලය හොඳ කර ගනිමු.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“වේදනාකාරියි. දුෂ්කරයි. නමුත් ඒ දුක, වේදනාව කෙටි කාලයකට වින්දොත් අපට තුවාලය නිට්ටාවටම සනීප කර ගන්න පුළුවන්. සමහර දේශපාලන පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපට ගොඩඑන්න බැහැ. මේ අර්බුදය ජය ගෙන සැබෑ ආර්ථික හා සමාජයීය නිදහසක් ලබා ගන්න නම් අපට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරා වළෙන් ගොඩඑන්න අපට තියෙන්නේ එකම එක ඉණිමගයි. මතක තියා ගන්න, දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉණිමග ඇදලා පැත්තකට දැම්මොත් අපට රටක් නැ. අපට හෙටක් නැ. අප අද පත්ව තිබෙන ආර්ථික අර්බුදයේ බරපතලකම සහ අනතුර ගැන මම මීට කලින් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා.”

Trending

Exit mobile version