තුවාල සහිතව මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් දිඹුල පතන පොලිස් වසමට අයත් මේෆිල්ඩ් වතුයායේ තිබී ඊයේ (09) දින පස්වරුවේ හමු වූ බව නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරීන් පවසයි.
අවු 03 ක් පමණ වයසැති ගැහැණු කොටියාගේ හිසට බරපතල ලෙස තුවාල සිදු වී ඇති අතර, එම තුවාලය වාහනයකට ගැටී හෝ කිසියම් පුද්ගලයෙකු විසින් පහර දීමෙන් සිදු වූ තුවාලයක් බවට සැකකරන බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
වනජීවී නිලධාරීන් සඳහන් කළේ, කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල වනජීවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි