පුවත්

තෙල් කාන්දුවීම් ‌හොයන්න චන්ද්‍රිකා තාක්ෂණය

Published

on

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තෙල් කාන්දුවීම් නිරීක්ෂණය සඳහා පහසුකම් සැපයීමට ප්‍රංශ රජය එකඟ වී තිබේ.

එයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සහ ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ප්‍රංශ තානාපති ශෝන් ප්‍රන්ශුවා පැක්ටේට් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, එම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව යන මහත්වරුන්ද සහභාගි විය.

Trending

Exit mobile version