ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මඟින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පවසයි.
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී 2011 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව තිබුණි.
මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක් ද අත්සන් කරන ලදී.
තේ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී තවදුරටත් පවසා ඇත්තේ, මේ වනවිට ඉරානය ලංකාවෙන් අපනයනය කරන තේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.