බෙදුම්කරුවන්ගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතු රුපියල් බිලියන පහළොවකට අධික මුදලක් බොල් ණය ලෙස කපාහැරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්ඡාවචනයන්ට සාපේක්ෂව බෙදුම්කරුවන්ට වට්ටම් මුදල් ගණනය කිරීමේදී පදනම් කරගනු ලබන ඉන්ධන මිල ස්ථායිකරණය කිරීම යටතේ සංස්ථාවට අයවිය යුතු මුදල බිලියන පහළොව ඉක්මවා ඇත.
චීනයේ සිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමරිකාවේ ආර්.එම්. පාකර්ස් සමාගම වෙත මෙරට වෙළෙඳපොළ ඉන්ධන අලෙවිය සඳහා ඉන්ධන පිරවුම්හල් ලබාදීමේදී ඒවා සංස්ථාවට ණයවූ පිරවුම්හල් ලෙස ලබාදිය නොහැකි බව අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් අතර සාකච්ඡාවකදී තීරණය කර ඇත.
තෙල් මිල ඉහළ දැමීමේදී බෙදුම්කරුවන් ඉහළ ලාභයක් ලැබුවා සේම තෙල් මිල පහළ දැමීමේදී ඔවුනට සිදුවන පාඩුව සැලකිල්ලට ගෙන මෙම මුදල කපා හැරීමට යෝජනා කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.
බෙදුම්කරුවන්ට වාසි වන පරිදි කපා හැරීමට යන මෙම ණය මුදල මහජනතාවට වාසියක් වන සේ යොදවන ලෙස සංස්ථා සේවකයෝ ඉල්ලා සිටිති.
බෙදුම්කරුවන්ගේ බහුතරය දේශපාලන හිතවතුන් බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම අයවිය යුතු මුදල බෙදුම්කරුවන්ගෙන් වාරික හතරකින් පියවා ගැනීමට සංස්ථා අලෙවි කාර්යාංශය මීට පෙර උත්සාහහ කළද බෙදුම්කරුවන් කිහිප දෙනකු සංස්ථාවට එරෙහිව නඩු පැවැරීමට පියවර ගෙන තිබිණි.
මූලාශ්‍රය – අරුණ