හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, තෛපොංගල් දිනය අදට (15) යෙදී තිබේ.
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, සැමරුමේ අරමුණ වේ.
ලෝකවාසී හින්දු බැතිමතුන් සමග එක්ව මෙරට හින්දු බැතිමතුන් ද තෛපොංගල් උත්සවය මෙවරත් උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබේ.
හින්දු දින දර්ශකයෙහි වර්ෂයේ මුල් මාසය, ”තෛ” යි යනුවෙන් හැඳින්වෙන අතර, ”පොංගල්” යන්නෙහි අර්ථය උදාව යන්න ය.
ඒ අනුව, නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.
තම වගාවෙන් නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම එහි සුවිශේෂී කාර්යයකි.
සොබාදහම සමග බද්ධව සිදුකරන පූජෝත්සව අතුරින් තෛයිපොංගල් උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් වල නිරතවනු දැකිය හැකි ය.
වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඬක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයකි.
අද දවස පුරාම විදුලිය
මේ අතර, තෛපොංගල් උත්සවය යෙදී ඇති අද (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය.
කෙසේවුවද, මීට පෙර සාමාන්‍ය පරිදි අද දිනයේ ද පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.