මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු ගණනාවක් හමුවේ ලංකා කම්කරු කොංග්රසය දෙකඩ වන තත්ත්වයක් පැනනැඟී ඇති බව වාර්තා වේ.
මෙම ගැටලු හේතුවෙන් එම පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි මහතා ඊයේ (08) පක්ෂයෙන් ඉවත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ලිපිය ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ.
ඒ අනුව, පක්ෂයෙන් ඉවත් වූ භාරත් අරූල් සාමි මහතා ඊයේ (08) සවස සමගි ජන බලවේගය සමග එක්ව ඇති අතර ඔහු සමගි ජන සන්ධානයෙන් මහනුවර දිස්ත්රික්කයට තරග කිරීමට නියමිතය.
අරූල් සාමි මහතා පසුගිය 2020 මහ මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්රසයෙන් මහනුවර දිස්ත්රික්කයට තරග කර මනාප 24,000ක් ලබාගෙන තිබුණි.