දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට 10% කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද පෙරවරුවේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.
ඉන්ධන ගාස්තු සහ බස් ගාස්තු වැඩිවීම මත රු. ලක්ෂ 33 ක් දක්වා වැඩි වූ අධිවේගී බස් රථවලින් රජයට අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තුව නැවත 1,296,000 දක්වා අඩු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
කතරගම අර්ධ සුඛෝපභෝගී බස් නවතියි
මේ අතර, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ගාලු පාරේ, කතරගම කොළඹ හඅතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බවයි.
එම මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු පැවසීය.
ඒ අනුව, අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රු. 1,541 ක ගාස්තුව රු. 1,117ක් දක්වා අඩුවන බව ඇමතිවරයා කීවේය.