පුවත්

දකුණු කොරියානු ගුවන් අනතුරෙන් මියගිය ගණන 179 දක්වා ඉහලට

Published

on

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 179ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය අය අතරින් 85 දෙනෙකු කාන්තාවන් බවත් අනෙක් 84 දෙනා පිරිමි පුද්ගලයින් බවත් පැවසේ.

ජෙජු එයාර් සමාගමට අයත් අදාළ ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මේ අනතුර සිදුව තිබිණි.

මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු රැගත් එම ගුවන් යානය ගමන් ආරම්භ කර තිබුණේ, තායිලන්තයේ බැංකොක් නුවරින් ය.

මේ වන විට වාර්තා වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පමණක් අනතුරින් දිවි බේරාගෙන ඇති බවයි.

අනතුරට හේතුව, යානය ගොඩබස්වන විට පැවති අයහපත් කාලගුණය හෝ කුරුල්ලන් යානයේ ගැටීමක් විය හැකි බවට සැකයක් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මූලාශ්‍රය – CNN

Trending

Exit mobile version