දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව අද (26) කොළඹ වරායට සේන්දු විය.
එම නෞකාවේ දිග මීටර් එකසීය තිස් පහක් වන අතර, නැව් මුළුව දෙසිය හතළිස් නවයකගෙන් සමන්විතයි.
එම නෞකාව තුල අද සාකච්ඡාවක් පවත්වා ඇති අතර, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගිවී තිබේ.
ක්වාන්ගාතෝ නෞකාව අනිද්දා දිවයිනෙන් පිටත්ව යයි.