පුවත්

දකුණේ  ATM කොල්ලයට 5ක් අල්ලයි

Published

on

දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කළ සිද්ධියට පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 මොවුන් අතර, පොලිස් නිලධාරියෙකු සහ විදේශිකයින් දෙදෙනෙකු සිටින අතර, මෙම  විදේශිකයින් දෙදෙනා බල්ගේරියානු ජාතිකයින් බවත් එක් අයෙකුට කැනඩා පුරවැසිකම ඇති බවත් හෙළිදරව් වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නවාතැන්ගෙන සිටියදීය.

එම සැකකරුවන් අතර මීගහතැන්න පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාද සිටියි.

Trending

Exit mobile version