වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය බවයි.
“එළැඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියල්ල සුදානම් කරලා තියෙනවා. ඔබ දන්සැලක් දෙන්න අපේක්ෂා කරනවා නම් ඔබ දන්සැල ලබාදෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් ලිඛිතව දැනුම් දුන්නහම දන්සල ලබාදෙන දිනය, ස්ථානය හා වර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා. ඒ වගේම ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ අපි ලබාදෙනවා. ඒ වගේම දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000කට ආසන්න පිරිසක් තමන්ගේ කොට්ඨාසවලට අයත් දන්සල් වෙසක් පොහොයට පෙර දින, පොහොය දිනයේ හා පසු දින සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක්කරන්න කටයුතු කරනවා,” යැයි ඔහු පැවසීය.