Connect with us

පුවත්

දයාසිරි නැවත ශ්‍රීලනිපයට; වෙල්ගම පොහො‍ට්ටුවට

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වන ලෙසට දන්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය බදාදා දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසට කැඳවා මෙම ආරාධනය කර ඇත.

එලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය බාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගන්නා බවට මෛත්‍රීපාල මහතා පවසා තිබේ.

එහෙත් දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහ ලේකම් ධූරය හැර වෙනත් ධූරයක් බාරගැනීමට තමන් සූදානම් නැති බව සභාපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පක්ෂයේ මහ ලේකම් ධූරයට දුෂ්‍මන්ත මිත්‍රපාල මහතා පත්කර ඇති නිසා ඔහුව එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බවය.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධූරය හැර වෙනත් තනතුරක් බාර නොගන්නා බව දයාසිරි ජයසේකර මහතා දැනුම් දී ඇති බවද පැවසේ.

වෙල්ගම පොහොට්ටුවට….

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී ඇතැයි වාර්තා වේ.

වෙල්ගම මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා කතාබහක නිරතව පක්ෂයට නැවත එකතුවීමට කැමැත්ත පලකර  ඇති බවද පැවසේ.

එසේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මතුගමදී පැවැත්වෙන පොහොට්ටු රැස්වීමක වේදිකාවකට හිටපු ජනාධිපතිවරයා සමග නැග යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන කටයුතු කිරීමට ද ඔහු එහිදී එකඟව ඇති බව වාර්තා වේ.

ශ්‍රීලනිපයට එක්වීමට පෙර පොහොට්ටුවේ ප්‍රබලයෙක් වූ වෙල්ගම මහතා එම පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමත් සමඟ එම පක්ෂයෙන් ඉවත් විය.

පසුව වෙල්ගම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය දරන සමගි ජන බලවේගයට එක්වී කළුතරින් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරීපත් විය.

සමගි ජන බලවේගයද එපා වී වෙල්ගම මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදෙස් පරිදි නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ද බිහිකළේය.

වෙල්ගම එම පක්ෂය බිහිකළේ හිටපු ජනපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතංග දේශපාලනයට ගෙනඒමේ අදහසින් බවද පැවසේ.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved