සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා ශරීර ඇපදෙකක් හා ලක්ෂ 5ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.
හඳුන්ගොඩ මහතා මැයි 09 වැනිදා අගමැති කාර්යාලය ඉදිරිපිට රජය අපහසුතාවයට පත්වන ලෙස හැසුරුණේ යැයි චොදනාව මත අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය මගින් ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.