පුවත්

දරුවන්ගේ නිරුවත වට්ස්ඇප් ඔස්සේ විකුණන පිරිසක් ගැන විමර්ශන

Published

on

ශ්‍රී ලාංකික පුද්ගලයන් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් විසින් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඊයේ (24) කරුණු වාර්තා කළේය.

ශ්‍රී ලාංකේය පුද්ගලයන් කිහිප දෙනකු වට්ස්ඇප් සමූහයේ සාමාජිකයන් වෙමින් මෙසේ කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින බවට පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු සඳහන් වන බවට කාර්යාංශය අධිකරණයට කරුණු දැක්විය.

අවුරුදු දෙක තුන පහ හා හත යන වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැනු දරුවන්ගේ ලිංගික හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=, 2000/= හා 3000/= වැනි මුදලට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරන බව සඳහන්ය.

සැකකරුවන් මෙවැනි අසභ්‍ය වීඩියෝ හුවමාරු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය නියෝග කීපයක් නිකුත් කරන ලෙස කාර්යාංශය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

(දිනමිණ)

Trending

Exit mobile version