වෙළෙඳපොලේ බිත්තර මිල යලිත් වරක් ඉහළ ගොස් ඇති පසුබිමක කුකුළු මස් මිලද අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගික චෝදනාවයි.
සිංහල හින්දු අලුත් අවුරුද්ද සමඟ එළඹි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර සහනදායී මිලකට ජනතාවට ලබා දෙන බවට රජය පොරොන්දු වූ නමුත් එවැනි තත්ත්වයක් වෙළෙඳපොලේ දක්නට නොමැති බවට ජනතාව විසින් චෝදනා කරනු ලබයි.
මේවන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 ක මිලකට ඉහළ ගොස් ඇති අතර, මීට පෙර කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 1,100 ක මිලකටයි.
උත්සව සමයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස විසින් බිත්තරයක් රුපියල් 42 සිට රුපියල් 36 දක්වා අඩු කිරීමටයි පියවර ගත් නමුත් අද වන විට දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශීය බිත්තරයක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 38 මිලකටයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ ඉදිරි දිනවල ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල යළි පහළ යනු ඇති බවයි.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මින් පෙර අවස්ථාවක සඳහන් කලේ යළිත් වරක් බිත්තර මිල ඉහල ගියහොත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවය.