Connect with us

පුවත්

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Published

on

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 04ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, විශේෂයෙන් කළුබෝවිටියාන යන ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, මතුගම, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවලත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා නෙළුව ප්‍රදේශවල ජනතාවටත් මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved