පුවත්

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Published

on

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිතව තිබු තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දුම්රිය ස්ථානයට සීමා කර ඇති අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයද දහවල් කාලයේ දී නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙන බවය.

Trending

Exit mobile version