පුවත්

දුම්රිය ගේට්ටු 440ක් අනාරක්ෂිතයි – ඇමති

Published

on

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 440 ක් පමණ පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

අනාරක්ෂිත මෙම හරස් මාර්ග මේ වසෙර් දී ආරක්ෂිත ස්ථානයන් බවට පත් කරන බව ද රුපියල් 7500ක හෝ 10,000ක දීමනාවක් ලබා දී මුරකරුවන් තැබීමෙන් එම ස්ථාන ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීමේ ගැටලුවක් පවතින බව ද ඇමැතිවරයා එහිදී කීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Trending

Exit mobile version