දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (09) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
ඒ අනුව අද රාත්‍රී 12.00 සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු සියලුම සේවා වාරවලින් ඉවත් වීමට තීරණය කළ බව ද කීය.
අදාල නිලධාරියා දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පත් නොකරන ලෙස දිගින් දිගටම දුම්රිය බලධාරීන්ට දැනුම් දුන්න ද ඒ පිළිබඳව අවදානය යොමු නොකරන බව කී කසුන් චාමර මහතා එම සංගමයේ විධායක සභාව හදිසි වැඩවර්ජනයකට යෑමට තීරණ කළ බව ද සඳහන් කළේය.
(ලංකාදීප)