Connect with us

පුවත්

දුමින්ද ගේ ප්‍රකාශය ගැන ටිරාන් CIDය ට

Published

on

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඊයේ (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එහිදී දුමින්ද නාගමුව මහතා පසුගිය 12දා  පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ  දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පවසා තිබුණි. ඒ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා ඊයේ පස්වරුවේ අමාත්‍යවරයා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවයි.

 විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පුවත්

සේවකයින්ගේ හූ  හඬින්  පන්නා දැමූ රූපවාහිනී සංස්ථා ලොක්කෝ (වීඩියෝ)

Published

on

By

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ් නදීෂන අමරසිංහ මහත සහ එහි පරිපාලන අංශය භාරව සිටි තනූජා ආරියරත්න මහත්මිය යන අයව ජාතික රූපවාහිනියේ සේවකයින් විසින් හූ හඬින් පන්නා දැමීමේ පුවතක් වාර්තා වේ.

රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ නිලධාරිනිය දිගින් දිගටම ආයතනයේ සේවකයින් සමඟ ඇතිකරගන්නා ලද ගැටුම් රැසක ප්‍රතිපල ලෙස මෙම සිදුවීම සිදුවී බවය.

මීට පෙර සිටි සභාපතිවරයා වූ සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ  කාලයේ පත්කරන ලද මෙම පරිපාලන අංශය භාර නිලධාරිනිය සේවයන් හට නිතර බැණ වැදීම හා ඔවුන්ව පහත් කොට සැලකීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් රූපවාහිනියේ සේවකයින් ඇය සමග වරින් වර බහින්බස්වී ඇති බව වාර්තා වේ.

නමුත් රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරන්තරයෙන් ඇයව ආරක්ෂා කරගනිමින් කටයුතු කර ඇති නිසා සේවකයින් ඔහු සමගද උරණ වී ඇති බවයි වාර්තා වේ.

මෙම තත්ත්වය පිළිබදව ජාතික රූපවාහිනියේ සභාපතිවරයා සමඟද සාකච්ඡාවක් ඉල්ලා ඇති තත්ත්වයක් තුළ අද තවත් බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදී සේවකයින් එක්වී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව සහ පරිපාලන අංශය භාරව සිටි නිලධාරිනියව එළවා දමා තිබේ.

වීඩියෝ – SL Leaders

Continue Reading

පුවත්

රමිත් රඹුක්වැල්ල රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළේය.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය මගින් ඊයේ (20) නම් කළේය.

ඒ අනුව රමිත රඹුක්වැල්ල අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී, ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගනු ලැබීය.


(පෙර පුවත 2025 මැයි 21 ප.ව.3.00)

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අතර අත්අඩංගුවට ගැනුනේ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුවය. 


(පෙර පුවත 2025 මැයි 21 පෙ.ව.10.11 )

රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණේ

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළාය.

එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නාය.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහසේත්‍රාත්වරිය කළ නියෝගයට අනුව සැකකාර රමිත් රඹුක්වැල්ල මහතා අද දින අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

රටපුරා 40,000ක ගුරු හිඟයක්

Published

on

By

මේ වනවිට රට පුරා 40,000ක ගුරු හිගයක් පවතින බවත්, මේ වසර අවසන් වන විට පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ බඳවා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (21) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය.

රජයේ පාසල්වල පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු 4240ක් සහ  දමිළ මාධ්‍යයෙන් පුරප්පාඩු 2827ක් පවතිනවා. හය වසර සිට එකොළහ වසර දක්වා ගුරු පුරප්පාඩු  සිංහල මාධ්‍යයෙන් 11274ක් සහ දමිළ මාධ්‍යයෙන් 6121ක් තිබෙනවා.

බස්නාහිර පලාතේ පමණක් රජයේ පාසල්වල ගුරු  පුරප්පාඩු   පළමු වසර සිට පහ වසර  දක්වා සිංහල මාධ්‍යයෙන් 1310ක් ද දමිළ මාධ්‍යයෙන් 302ක් සහ හය එකොළහ වසර සඳහා සිංහල මාධ්‍යයෙන් 1325ක් සහ දමිළ මාධ්‍යයෙන් 397ක් ගුරු පුරප්පාඩු තිබෙනවා. සමස්ථයක් ලෙස දිවයින  පුරා 40,000ක ගුරු පුරප්පාඩු පවතිනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පුරප්පාඩු පිරවීමේදී විභාග ක්‍රමයක් යටතේ බඳවා ගැනීම් සිදු කරන්න කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කරලා තිබෙනවා. උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට උසාවියේ නඩු කටයුත්තක් සිද්ධ වෙනවා මෙි සියල්ල සලකා බලලා ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් පවතින පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ මේ වසර අවසන් වන විට පුරවන්න  රජය බලාපොරොත්තු වෙනවා
 යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved