පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් විසින් අද (31) නොතීසි නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාවකට අදාලව මෙලෙස නොතීසි නිකුත් කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුව මහතාට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පියවර ගෙන ඇත.