පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇත.
ඒ අනුව ලබන 12 වෙනිදා උදේ 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිටින ලෙසට දුමින්ද නාගමුව මහතාට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් නියෝග කර තිබේ.