Connect with us

පුවත්

දූෂිත සමෘද්ධි නිලධාරීන්ට දඬුවම් නොදීම ගැන කෝපා අප්‍රසාදය

Published

on

විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතා වල නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සහාවේ (COPA) දැඩි අප්‍රසාදය පළවිය.

ඒ එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභාව හමුවට ලෙස  කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ  අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් කැඳවා තිබුනහ.

මෙහිදී අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජිවනෝපාය සඳහා සමෘද්ධිලාභීන් වෙත මාළු දැල් ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවයක් සඳහා වග කිවයුතු නිලධාරීන්ට එරෙහිව අනුගමනය කර ඇති විනයානුකුල ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී විමසන ලදී. ඒ අනුව ඒ සඳහා අනුගමනය කර විනයානුකූල  ක්‍රියාමාර්ග ගැන සිය අප්‍රසාදය පළකරමින් එම සිදුවීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙස ලෙස කාන්තා ,ළමා කටයුතු  හා සමාජ සවිබලගැන්වීමේ  අමාත්‍යාංශය වෙත උපදස් ලබා දෙන ලදී. ඒ අනුව මින් ඉදිරියට එලෙස විෂමාචාර ක්‍රියාවන්හි නිරතවන නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට  කටයුතු ක‍රන ලෙසට කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර සමෘද්ධි ප්‍රතිලාභීන් රැකගැනීමට වහාම වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලදී. අස්වැසුම නොලබන සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඔවුන් සවිමත් කිරීම  වෙනුවෙන් කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය. එහිදී දැනට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව භාරේ පවතින අරමුදල් හතේ පවතින මුදල් ප්‍රමාණයන්, එම අරමුදල් මගින් සිදුවන සේවාන් පිළිබඳ විස්තර ඇතුලත් වාර්තාවක් ද කාරක සභාවට යොමු කරන ලෙසටද උපදෙස් ලබාදෙන ලදී.

සමෘද්ධි බැංකු පද්ධතිය පරිගණක ගත කිරීමේ ප්‍රගතියද කාරක සභාව තුළදී  විමසා බැලිණි. ඒ අනුව දැනට සමෘද්ධි බැංකු 1089ක් ජාල ගත කර අවසන් බව නිලධාරීහු දැනුම් දුන්හ. කෙසේ වෙතත් තවමත්  පුර්ණ ලෙස  පරිගණක ගත කිරීම් ඔස්සේ සියලුම බැංකු, සේවා කටයුතු පත්වාගෙන නොයන බැවින්  එක්  එක් බැංකු සඳහා  පද්ධති ගතවීම සඳහා දින වක වානු  ලබා දී අවසානයේ සියලු බැංකු එක් පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන ආකාරයට රැගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව කාර්ය මණ්ඩලය සඳහා අනුමැතිය ලැබී ඇති බව  ප්‍රකාශ කල සභාපතිවරයා ඒ අනුව කාර්යමණ්ඩලය සම්බන්ධව දැනට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව  මගින් සිදු කිරීමට අපේක්ෂිත කාර්යයන් පිළිබඳව වාර්තාවක්  ලබාදෙන ලෙසට ද  උපදස් ලබා දුන් අතර එම නව සේවකයින් හැකි ඉක්මනින් බඳවා ගැනීමටද  උපදෙස් ලබා දුන්නේය.

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved