දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම සහ ඒ අවට තේ වගා භූ දර්ශනය යුනෙස්කෝ සංවිධානය හරහා ලෝක උරුමයක් ලෙස නම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.
මේ අනුව ‘‘සංස්කෘතික භූ දර්ශනයක්’’ (Cultural landscape) ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබෙන්නේ ආරුක්කු නවයේ පාලම, දෙමෝදර දුම්රිය ස්ථානය ඇතුළු සමස්ත කලාපය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසා සිටියේය.
ඉඳල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා වූ කොටස එක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර එහිදී වැසිකිළි, කැසිකිළි පද්ධති ඇතුළු පහසුකම් සංචාරකයින් වෙනුවෙන් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එහි සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර මෙම සමස්ත භූ දර්ශනයම සංස්කෘතික භූ දර්ශනයක් ලෙස නම් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරන බවද ඊට අදාළ යෝජනාව කඩිනමින් ලබාදීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.