බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදුකළේ යැයි චෝදනා එල්ල වු ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා දිවයිනට පැමිණ තිබේ.
සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (29) අලුයම දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව මාධ්‍ය වාර්තා කර ඇත.
ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔහු එහි මුදල් ගෙවා පහසුකම් ලබාගත හැකි විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
අධිකරණ නියෝගයට අනුව දිවයිනට පැමිණ පැය 48ක කාලයක් ඇතුළත ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දිය යුතු වේ.