Connect with us

පුවත්

දේශපාලඥයින් කෙබර කියන බව නන්දලාල් ඔප්පු කරයි!

Published

on

තමාට රුපියල් ලක්ෂ 25ක වැටුපක් සහ තවත් වරප්‍රසාද ලැබෙන බවට දේශපාලකයන් විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.

ඊයේ (24) මහ බැංකු පරිශ්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ වෙනුවට තමාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ හතරක නිල වැටුපක් සහ සාමාන්‍යයෙන් මහ බැංකු අධිපතිවරයෙකුට ලැබෙන පහසුකම් ප්‍රමාණය පමණක් බවද හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් තමාට පෙර මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ තැනැත්තා කැබිනට් ඇමැතිවරයකුට පවා නොමැති ‘එස්ටීඑෆ් පන්නයේ’ ආරක්ෂාවක් පවා තබාගෙන කටයුතු කළ බවද ආචාර්ය වීරසිංහ සඳහන් කළේය.

“මම දැක්කා ඔය චෝදනාව සමහර දේශපාලනඥයෝ, මන්ත්‍රිවරු යටිගිරියෙන් කෑගහගෙන ඔහොම කතාවක් කියනවා. මම වගකීමෙන් කියනවා, ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඉතාම කනගාටුයි, රටේ වගකිවයුතු දේශපාලනඥයෝ, මේ වගේ බොරු ප්‍රකාශයක් කළාම, ඒක ඇත්ත කියල හිතාගෙන හැමතැනම ප්‍රකාශ කිරීම ගැන. හැබැයි මම සාමාන්‍යයෙන් ඒවට උත්තර දෙන්නේ නැහැ. නමුත් ඔබ මාධ්‍යවේදියෙක් විදිහට අහපු නිසා ඒකට මම උත්තර දෙන්නම්.” යනුවෙන්ද ඔහු කීය.

තමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් නොලැබෙන බවත්, යම්කිසි කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කළේ රට නියෝජනය කරමින් බවත් ඔහු කියා සිටියේය.

ඔහුට ලක්ෂ 25 විශ්‍රාම වැටුපක් ලැබෙන බවට වන කතාද ප්‍රතික්ෂේප කළ ඒ මහතා බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදිහට හැමෝටම ලැබෙන ආකාරයේ විශ්‍රාම වැටුපක් ලැබෙන බව කියා සිටියේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved