තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් වී තිබේ.
ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයමින් සිටින, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම ඔස්සේ ඔහුව සොයා ගත හැකි බව සමඟි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ නිසාම් කාරියප්පර් මහතා පවසයි.
ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමින් කාරියප්පර් මහතා පෙන්වා දුන්නේ, අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කිරීමේදී තෙන්නකෝන් සාම විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් දිය යුතු බැවින්, මෙම පෙත්සම ඔස්සේ ඔහු සිටින ස්ථානය තීරණය කිරීම අපහසු නොවන බවයි.
“අභියාචනාධිකරණයට රිට් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න නම් දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න ඕනෑ. සාම විනිශ්චයකරු ඉදිරියේ තමයි ලබා දෙන්නේ, දැන් ඒ ලේඛන ඔක්කොම අධිකරණයේ තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවානම් ඔය සාම විනිශ්චයකාරතුමාගේ නම මේ වෙට්ටු දාන පොලිස්පති තුමා අල්ලගන්න පුළුවන්.”