Connect with us

පුවත්

දේශබන්දු⁣ ගැන කැබිනට් තීරණය අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කිරීමක්

Published

on

දේශබන්දු⁣ තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ අතුරු නියෝගය ගැන අධ්‍යයනය කිරීමට දින දෙකක් ලබා ගන්නා බවට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කිරීමක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ සමස්ත පොලිස් සේවයටවත් නොගැලපෙන පුද්ගලයකු ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස නාම යෝජනා කර ව්‍යවස්ථා සභාවට යොමු කිරීම හා ව්‍යවස්ථා සභාව අනුමත නොකර තිබියදී කතානායකගේ නීති විරෝධී ලිපියක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස ඔහු පත් කිරීමත් අභියෝගයකට ලක්කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ බවයි.

පුවත්

පොහොට්ටුවේ වලි වේදිකාවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රත්තොට ජන රැළියක් ඊයේ (10) පවත්වා තිබුණි.

මෙම ජන රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ඩයස් මහතාට විරෝධයක් එල්ල වි තිබේ.

මෙම ජන රැළියේදී නිශාන්ත ඩයස් මහතා රැළිය අමතමින් සිටියදී ඊට විරෝධය පළ කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් වේදිකාවෙන් පිටව ගොස් තිබුණි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල පැවති ජන රැළියකදී නාලක කෝට්ටේගොඩ මහතා අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබේ.

එහිදී විරෝධය පළ කළ පිරිස පවසා තිබුණේ , නාලක කෝට්ටේගොඩ මහතා ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසය.

Continue Reading

පුවත්

තැපැල් ඡන්දෙ දාන්න තවත් අවස්ථාවක්

Published

on

By



මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

Published

on

By

අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, මෙම මාර්ගයේ ගමන් කරන රථ වාහන හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුවත් කර සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved