පුවත්

දේශබන්දු අඟුණුකොළපැලැස්සට ; පොලිසිය දේශබන්දුගේ ගෙට ගියේ අධිකරණ නියෝග නැතුව?

Published

on

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබේ.

ඒ අනුව ඔහු එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

අද (19) පෙරවරුවේ අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

පොලිසිය දේශබන්දුගේ ගෙට ගියේ අධිකරණ නියෝග නැතුව?

මේ අතර, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර පිහිටි නිවස ද පරීක්ෂා කර තිබිණි.

කෙසේවෙතත්, අධිකරණ නියෝගයකින් තොරව මෙම පරික්ෂාව සිදුකර ඇති බව පවසමින් පොලිස්පතිවරයාගේ බිරිද ඊයේ පස්වරුවේ අතුරුගිරිය පොලිසිය වෙත පැමිණීල්ලක්ද ගොනු කර තිබේ.

එමගින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, නිවස සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේ ඒ සදහා අධිකරණ නියෝගයක් ඇද්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසූ අවස්ථාවේ එවැනි නියෝගයක් නොපෙන්වා තම නිවස සෝදිසි කළ බවයි.

කෙසේ වෙතත්, අදාළ පරික්ෂාවේදී මත්පැන් බෝතල් 1,009 ක් සහ පොලිස්පතිවරයාගේ රාජකාරි පිස්තෝලය පොලිසිය විසින් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Trending

Exit mobile version