Connect with us

පුවත්

දේශබන්දු ජනපති හා ඇමති ටිරාන් හමුවෙයි (ඡායා) -Update

Published

on

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද හමුවිය.

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මෙලෙස ජනාධිපතිවරයා හා අලස් මහතා හමුවී තිබිණි.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු සමඟ සුහද කථා බහකට ද එක් වී ඇත.

නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

——————————–

(පෙර පුවත 2024 පෙබරවාරි 29, ප.ව.8:54)

දේශබන්දු අද පොලිස්පති තනතුරේ වැඩ අල්ලයි !

අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස්පති ධුරයට පත් දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් පුරප්පාඩු වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පත්කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස සහභාගී වූ අවසන් උත්සවය ඊයේ පොලිස් අපරාධ කොට්ඨාසයේදී පැවැති අතර එහිදී පොලිස්පතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල මර්දන ක්‍රියාන්විතය අඛණ්ඩව පවත්වාගෙන යන බවය.

එසේම අපරාධ විසඳීමේදී ශ්‍රී ලංකා පොලිසිය සුවිශේෂී දක්ෂතා දක්වා තිබෙන බවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අපරාධ විසඳීමේ ක්‍රමවේද ද නුදුරේදීම ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදෙන බවත් පොලිස්පතිවරයා එහිදී කියා සිටියේය.

මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අසංක කරවිට, ප්‍රියන්ත විජේසූරිය, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව යන නිලධාරීන්ද එක්ව සිටියහ.

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved