පුවත්

දේශබන්දු ධුරයෙන් පහකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය?

Published

on

වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේය.

අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීක් සිදුකිරීමට නියමිටය.

එහිදී එම යෝජනාවට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව තිබේ.

ඉන්පසු සම්මත වූ එම යෝජනාව සම්බන්ධයෙන් කථානාකවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරනු ලබයි

එම විමර්ශන කමිටුවේ තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම ගැන යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version