ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී තිබේ
විශේෂ දැනුම්දීමක් කරමින් ඔහු කියා සිටියේ, ඒ සඳහා සියලු බුද්ධි අංශ නිලධාරීන්ගේ ද සහය ඊට ලබා ගන්නා ලෙසය.
දේශබන්දු තෙන්නකෝන් සැඟව සිටීමට ආධාර අනුබල දෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම දැනුම් දීමෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දෙයි.
මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව පැවසෙන අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ නිවසක් ඊයේ (18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් එහි තිබී විදේශි විස්කි බෝතල් තොගයක් සහ තෙන්නකෝන්ගේ නිල ගිනිඅවියද සොයා ගෙන තිබුණි.
මේවන විට දේශබන්දු අත්අඩංගුවට ගැනිමට නියෝග කර දින 20ක් ගත වි තිබෙන නමුත් මේවන තෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් හමුවි නැත.