පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Published

on

2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ප්‍රාදේශීය කාර්යාලවල විශේෂ කවුළු අද (30) දිනයේත් විවෘත කර ඇති බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා Online ඔස්සේ ඉදිරිපත් කිරීමට තිබූ කාලය අදින් අවසන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියේ ඒ අනුව තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයින්ට Online ඔස්සේ එම වාර්තා ඉදිරිපත් කිරීමට පළමු වරට මෙවර අවස්ථාව දී තිබූ බවය.

Online ක්‍රමයට එය නිසි ආකාරයෙන් සිදු කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට කාර්යාල වෙත පැමිණ එම කටයුතු සිදු කර ගත හැකියාව පවතී. 

Trending

Exit mobile version