දේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආදායම් නිලධාරීන් ලෙස පෙනි සිටිමින් මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙසය.
එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මගින් පරිපාලනය කරන සියලුම බදු වර්ගයන්ට අදාළව හිඟ බදු අයකිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී නීත්‍යානුකූලව පමණක් සිදු කරන බව එම නිවේදනයේ සඳහන්ය.
එමෙන්ම බදු ගෙවීම් පිළිබඳ හෝ වෙනත් යම් ගැටලුවක් වෙතොත් ළඟම ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණ එම ගැටලු නිරාකරණය කරගන්නා ලෙසට එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.