පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය.
අද (07) පාර්ලිමේන්තුවේ දී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 58කි.
මේ අතර, සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතද සංශෝධන රහිතව හා ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.