Connect with us

පුවත්

කෝටි 25ක පමණ වටිනා ව්‍යාපෘති 9ක් ගැන බලලා නෑ!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ජූලි 20දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති “දේශීය ණය සහ සංවර්ධන මණ්ඩලය” කැඳවා තිබිණි.

නීතියෙන් බලය ලැබී ඇති පරිදි පළාත් පාලන ආයතනවලට මහජන උපයෝගීතා සේවා පවත්වාගෙන යාම සදහා සහනදායි පොළියකට මූල්‍ය පහසුකම් සැපයීම අරමුණුකරගනිමින් 1916 අංක 22 දරන ආඥා පනත මගින් මෙම ආයතනය ස්ථාපිත කර ඇත. අනතුරුව එම පනත අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්ව ඇති අතර 1993 අංක 24 දරන පනත අනුව දේශීය ණය සහ සංවර්ධන අරමුදල ලෙස නම් කර ඇත.

මෙහිදී ආයතනයේ 2020 සහ 2021 මූල්‍ය වර්ෂ සදහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ පහත සදහන් මූලික කරුණු ඔස්සේ විමර්ශනය කිරීම සිදු විය.

පනත සශෝධනය කිරීමේ අවශ්‍යතාව 

මෙය බැංකුවක් හා සමාන මූල්‍ය ආයතනයක් බැවින් කාලෝචිත කරුණු පිළිබද සැලිකිල්ලක් දක්වමින් පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. පනතට අනුව අමාත්‍යාංශ ලේකම්වරයාම අරමුදලේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම උචිත නොවන බැවින් එම සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් සංශෝධන සිදු කිරීමේ වැදගත්කම විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2018  ‘ආසියානු පදනම’ මගින් ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වාර්තාවක් ලබා දුන් බවත් ඒ  අනුව කටයුතු කළේනම් විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමේ හැකීයාව තිබූ බවත් සාකච්ඡා විය.

ගරු අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරයා ලෙස පනත සශෝධනය කිරීම සදහා සාකච්ඡාවක්ද පවත්වා ඇති පසුබිමක මේ සදහා කඩිනමින් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වන ලදී. 

අධ්‍යක්ෂ ජනරාල් සහ අභ්‍යන්තර විගණක තනතුරු පූර්ණකාලීන ස්ථිර තනතුරු බවට පත් කිරීමේ කිරීමේ අවශ්‍යතාව 

වසර ගණනාවක සිට අධ්‍යක්ෂ ජනරාල් තනතුර වැඩබලන තනතුරක් ලෙස පැවතීම පිළිබදව  අවධානයට ලක්විය. එසේම ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම පූර්ණ කාලීන ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු පත්කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ දැනුම් දෙන ලෙස නියෝග කරන ලදී.

ණය ලබාදීම, ව්‍යාපෘති ඇගයීම සහ ණය අයකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම 

2023 වසරේදී රු. මිලියන 249 ක් වටිනා ව්‍යාපෘති 9ක් අරමුදලට ලැබී ඇතත් මේ වන තෙක් ඒ පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ව සළකාබලා නැති බවත් අනාවරණය විය.  

මේ අනුව ණය දීමේ හා අයකරගැනීමේ නිර්ණායක, ණය අය කර ගැනීමේ හැකියාවන්, ණය භාවිතා කරන ව්‍යාපෘති සහ ඵලදායිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් විධිමත් ක්‍රමවේදයක් සහ මාර්ගෝපදේශ මාලාවක් සකසන ලෙස නිර්දේශ කරන ලදී. එම විධිමත් ක්‍රමවේදයට අනුව ණය දීමේ කමිටුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව  කමිටුව විසින් අවධාරණය කරන ලදී.

එක් එක් පළාත්වලට ණය බෙදීයාමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ අවශ්‍යතාව

2021 වසරේ ණය ලබාදී ඇති රු.මිලියන 847.7 කින් රු.මිලියන  691ක්ම වයඹ පළාතට ලබා දී ඇති බවත් කෝප් සභාපතිවරයා අනාවරණය කළේය. මෙම ව්‍යාපෘතිවලට ණය ලබා දීමේදී එක් එක් පළාත්වලට බෙදී යාමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙස කමිටුව නිර්දේශ කරන ලදී.

අභ්‍යන්තර විගණනය විධිමත් කිරීම

අභ්‍යන්තර විගණනය නිසි පරිදි සිදු කිරීම සදහා ස්ථිර  අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීමෙන් පසුගිය වසර වල විගණනය නිසි පරිදි සිදු නොවීම  පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු බදවා ගැනීමට කටයුතු කිරීමටත්  2011,2012 යන වසර සදහා විගණන වාර්තා මාසයක කාලයක් තුළ විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙසත් නිර්දේශ කරන ලදී. එසේම ජාතික විගණන කොමිස​මේ නිර්දේ​ශ ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දෙන ලදී.

2019- 2023 වර්ෂ 5ක කාලය සදහා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුනද ඊට අනුමතිය ලබා ගෙන නොතිබීම ගැටලුවක් බව හදුනා ගන්නා ලදී.  ඒ අනුව 2023-2028 දක්වා සංයුක්ත සැලැස්මක් අනුමත කර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.

1995 වසරේදී බහුබෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාව වෙත ලබා දුන් රු මිලියන 12ක ණය මුදලක්, මහනුවර නගර සභාවට ලබා දුන් රු 60,922,475 ක ණය මුදලඅයකර නොගැනීම ඇතුළු කරුණු  පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව අදාළ නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.  

පළාත් පාලන ආයතන හරහා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා  මූල්‍ය ආධාර සපයන එකම ආයතනය වන අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම විය යුතු බව කෝප් කමිටු සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී. එසේම තවත් සය මසකින් මෙම ආයතනය නැවත කැඳවීමටත් තීරණය විය.

පුවත්

උතුරු – නැගෙනහිරට සංවර්ධනයේ ප්‍රතිලාභ දෙන බව ජනපති කියයි

Published

on

By

යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කර එම ජනතාවට ද සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් දකුණු පළාත තුළ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනපතිවරයා යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පෙරවරුවේ මේ බව පැවසීය.

මේ අතර “උරුමය ”  වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1,286ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද යාපනයේදී සිදුකෙරිණි.

එමෙන්ම උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට අදාළව “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතව තිබේ.


Continue Reading

පුවත්

පැපුවා නිව් ගිනියාවේ දරුණු  නායයාමක්

Published

on

By

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසේ.

මෙම නායයෑම සිදු වූ  Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවය.

එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

Continue Reading

පුවත්

හලාවත ගොල්ෆ් පිටියක් හදන්න සැලසුම් කරයි

Published

on

By

හලාවත ගොල්ෆ් පිටියක් ඉදිකිරීමට සැලසුම් කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා  නිවේදනය කළේය.

ඒ ඉරණවිල හා හලාවත ප්‍රදේශය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස බවද ඔහු කීය.

මේවන විට ශ්‍රී ලංකාව තුළ දැනටමත් කොළඹ, මහනුවර සහ නුවරඑළියේ ගොල්ෆ් පිටි කිහිපයක් තිබේ.

සිදුරු 18කින් යුත් ගොල්ෆ් පිටි පහක් සහ සිදුරු 9කින් යුත් ‍ගොල්ෆ ක්‍රීඩාංගණ කිහිපයක් ද ශ්‍රී ලංකාව සතුවේ.

ගොල්ෆ් පිටියට අමතරව හලාවත සහ බිංගිරිය අතර සම්බන්ධක මාර්ගයක් ඉදිකෙරෙන අතර ඉන් අපනයන කලාපයක් පුළුල් කරන බව ද අමාත්‍ය ගුණවර්ධන මහතා පවසයි.

හලාවත – ඉරණවිල සංචාරක මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු බිංගිරිය ඒකාබද්ධ සංවර්ධන සැලැස්මට සම්බන්ධ කාර්ය සාධක බලකායක් මගින් අධීක්ෂණය කිරීමට නියමිත බවද පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved