පුවත්

දොළහට කලින් වැඩට නාවොත් සේවයෙන් ඉවතට

Published

on

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

අදාළ නිවේදනය පහතින්,

Trending

Exit mobile version