පුවත්

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Published

on

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තුමේන්තුව පවසන්නේ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුර වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට ඉඩ ඇති බවය .

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බවත් තිකුණාමලය සිට කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළග ඊසාන සිට වයඔ දක්වා දිශාවලින් හමන සුළගේ වේගය පැයට කිලෝ මීටර් 30 – 40 පමණ වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේවල වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 50 -60 දක්වා ද වර්ධනය විය හැකි බවත් ඒ සමඟ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත් සඳහන්ය.  

Trending

Exit mobile version