පුවත්

නඩු ගන්න ගිය එක සාජන්කෙනෙක් වැවේ; අනෙක් සාජන්ට තුවාලයි

Published

on

රථවාහන නඩු ලබාගැනීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙතට අද (26) දහවල් ත්‍රීරෝද රථයක් කඩා වැදීමේ සිද්ධියක් බණ්ඩාරගම පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී මොවුන් මේ සිද්ධියට මුහුණ දී තිබේ.

මෙම සිද්ධියෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා අනෙක් නිලධාරියා වැවට ඇදවැටී තිබෙන බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනතුරෙන් තුවාල ලද පොලිස් නිලධාරියා සහ ත්‍රීරෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත මාරුකර ඇත.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් පොලිස් යතුරුපැදියට ද හානි සිදුවී ඇති බවය.

පානදුර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු මෙම සිද්ධියට මුහුණදී තිබුණි.

බණ්ඩාරගම දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් එකවරම මාර්ගය හරහා ධාවනය වී යතුරුපැදියත් පෙරළාගෙන නිලධාරීන් වෙත කඩා වැදී තිබූ බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ජලයට වැටුුණු පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනයද අස්ථානගතවී තිබේ.

ත්‍රීරෝද රථ රියදුරුට හදිසි අසනීප තත්ත්වයක් හටගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

Trending

Exit mobile version