Connect with us

පුවත්

නතාෂා ගැන කතා කළ තරිඳුව කටඋත්තරයක් ගන්න CIDයට කැඳවලා

Published

on

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

ඒ, පසුගිය මැයි 29 වැනි දා මරදාන සමාජ හා සාමාජික කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී බෞද්ධ ආගමට අපහාස කළ‌ේයැයි චෝදනා එල්ලව සිටින නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම වැරදි බවට  කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඒ අනුව අද උදෑසන 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි ඔහුට දැනුම් දී ඇත.

මේ අතර මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාධ්‍ය මර්දනයේ තවත් පියවරක් විදිහට තරිඳු උඩුවරගෙදර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ව ජූලි 05දා (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

මෑත මාස කිහිපය තුළ ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන්නේ, තෙවැනි වතාවට බව අදාළ නිවේදනයේ දැක්වේ.

එහි සඳහන් වන්නේ, රජය විසින් විද්‍යුත් නියාමන අධිකාරී පනත, සමාජ මාධ්‍ය නියාමන අධිකාරී පනත වැනි මර්දනකාරී පනත් කිහිපයක් යෝජනා කරමින් සිටින වටපිටාවක මෙම කැඳවීම සිදුවන බවයි.

සබැඳි පුවත්

බෲනෝ ‌ට ඇප- නතාෂා යලිත් රිමාන්ඩ් 

නටාෂා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවී යැයි නාලක කියයි!

නටාෂා රිමාන්ඩ් (Update)

නටාෂා ගුවන් තොටේදී අත්අඩංගුවට

පුවත්

බටලන්ද කොමිෂන් වාර්තාවෙන් මන්ත්‍රීලාටත් තොප්පියක්!

Published

on

By

මහජන නියෝජිතයන් තමන් සඳහාම ආචාර නීති පද්ධතියක් සකස් කරගෙන සම්මත කරගැනීම උචිත බවත්, යම් මහජන නියෝජිතයකු (පාර්ලිමේන්තු හෝ පළාත් සභා) පෙර සඳහන් කළ ආචාර නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරදකට හසුවුවහොත් අදාළ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන්ට වරදට හසුවූ සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවත් බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

එසේ දෝෂාභියෝගයට ලක්වන සාමාජිකයාගේ මහජන නියෝජිතභාවය ද අහෝසි කළ යුතු බව එම නිර්දේශයේ සඳහන්ය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

By

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි.

ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දුට ගෙදරින් කන්න අවසර දෙයි!

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු කළ ඉල්ලීමක් අනුවයි.

සිය ආරක්ෂාව තර කරන්නැයි කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරය තුළ ඊට සුදුසු ස්ථානයක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ, ලබන 3 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු මේ වනවිට පල්ලේකැළේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved