Connect with us

පුවත්

නටාෂා රිමාන්ඩ් (Update)

Published

on

අද (28) අලුයම කාලයේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් නටාෂා එදිරිසූරිය ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇයව අද දිනයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.

——————-

(මුල් පුවත : පෙ.ව.  01:30 am  2023 මැයි 28)

නටාෂා ගුවන් තොටේදී අත්අඩංගුවට

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.

රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ක්‍රීඩා

ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ඩුබායිහි තරඟ බිමේ

Published

on

By

ඩුබායි හි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ අනුව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන මීටර 100 තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.50 ට පැවැත්වෙන අතර,

නදීෂා රාමනායක සහභාගී වන 400m තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.15 ට පැවත්වෙන පැවැත්වේ.

තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න සහභාගී වන 800m තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.00 ට යි.

Continue Reading

පුවත්

ලිට්‍රෝ මිල සංශෝධනයක්

Published

on

By

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා විසින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව, මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

Continue Reading

පුවත්

සාපෙළ අපේක්ෂකයන් වෙනුවෙන් හෙටත් විවෘත රජයේ කාර්යාල

Published

on

By

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් , විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවත්

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය http://www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved