පුවත්

නතාෂා හා බෲනෝ නිදහස්

Published

on

සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප ලබා සිටි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කලේය.

එසේම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින SL Vlog YouTube නාලිකාවේ හිමිකරු වන බෘනෝ දිවාකරද මෙම නඩුවෙන් නිදහස් කර තිබේ.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කලේය.

නතා‍ෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් මත ඇයව අත්අඩංගුවට ගත් අතර එම වැඩසටහන සංවිධානය කළ බව චෝදනා කරමින් SL Vlog YouTube නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර මහතාවද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

Trending

Exit mobile version