පුවත්

නලින්ගේ බිත්තරේ රටින් එද්දී බිත්තර කුකුළු පැටව් වෙයි?

Published

on

බිත්තර රැගත් නෞකාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමේ දිනය නිශ්චිත ලෙස ප්‍රකාශ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය කියයි.

ඇය මාධ්‍යට ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අදාළ බිත්තර තොගය ක්ෂුද්‍ර ජීව විද්‍යා පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, එම පරීක්ෂණයට තවත් දින තුනක් පමණ ගත වනු ඇති බවත්ය.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ආනයනය කරන අතර, එම සංස්ථාව මීට පෙර කියා සිටියේ අදාළ බිත්තර තොගය පසුගිය 27 වැනිදා මෙරටට ලැබීමට නියමිත බවයි.

කෙසේවුවද, ඉකුත් 23 වැනිදා රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව කියා සිටියේ එම බිත්තර තොගය මේ වන විට නැව්ගත කර ඇති බවයි. රට බිත්තර අස්සේ සීනි වලට වැඩි බදු වංචාවක්!

මේ අතර, බිත්තර ආනයනය කිරීම පිටුපස මහා පරිමාණ බදු වංචාවක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා චෝදනා කර සිටී.

වයඹ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කර තිබිණි.

බිත්තර ව්‍යාපාරිකයන් එහිදී පවසා තිබුණේ අමුද්‍රව්‍ය මිල පහළ දමන්නේ නම් බිත්තරයක් රුපියල් 25ක මිලකට දිය හැකි බවයි.බිත්තර ගේන්න ආණ්ඩුවේ අයෙක් කෝටි 75ක් ඉල්ලලා

මේ අතර, ඉන්දියන් බිත්තර ආනයනය කිරීම සඳහා ආණ්ඩුවේ අයෙක් රුපියල් මිලියන 75 ක් ඉල්ලා ඇති බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කියා සිටියේ එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.බිත්තර සභාපතිට බොරු නඩුවක්!

මේ අතර, උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ මහා පරිමාණ බිත්තර ගොවිපොළකට සහ මධ්‍ය පරිමාණ ගොවිපළ 3කට එරෙහිව නීතිමය පියවර ගත් බව පාරිභෝගික අධිකාරිය කියා සිටී.

එලෙස නීතිමය පියවර ගත් බිත්තර නිෂ්පාදන ගොවිපොළ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාගේ ගොවිපොළ ද අයත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියා සිටියේය.

“බිත්තර 20ක් දීලා තියෙනවා. මාරු 20ක් තිබිලා නැහැ. ඒ නිසා ඒකට පොඩි බිත්තරයක් දීලා. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියෙන් ඇවිත් බිත්තර 45ට වික්කා කියලා ප්‍රකාශ කරලා. මගේ කීර්ති නාමය වෙනුවෙන් අපහාස නඩුවක් දානවා.”

සබැඳි පුවත්

ඇමැති නලින් ගේන ඉන්දියන් බිත්තරේ කටු පරිසරයට මුදන්න බැහැ!

උපාය දූතයෙක් දාලා බිත්තර සංගමේ සභාපතිට නඩු දාලා!

පුවත්

ඉන්දීය බිත්තර මිලියන 2ක් ලංකාවට!

Trending

Exit mobile version