Connect with us

පුවත්

නලින් ඉන්දියාවෙන් මාසෙකට ඩොලර් ලක්ෂ 18ක බිත්තර ගේන්න යයි!

Published

on

ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා මසකට බිත්තර කෝටි 3ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඉකුත් අප්‍රේල් 31 වැනිදා කඳාන කපුවත්ත ප්‍රදේශයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එසේ ආනයනය කරන බිත්තර බේකරි නිෂ්පාදකයන්ට හා හෝටල් සඳහා පමණක් අලෙවි කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

පිටරටින් ගෙන්වන බිත්තර රට පුරා බෙදා නොහරින බවත්, සියලු අනුමැතීන්ට යටත්ව හා කැබිනට් මණ්ඩලයේ එකඟතාව මත මේ බිත්තර ගෙන ඒම සිදු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 

බිත්තර නිෂ්පාදකයා පාරිභෝගිකයා සූරා කෑ බව අමුතුවෙන් කිව යුතු නැතැයි ද අමාත්‍යවරයා කියා සිටී.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ මෙසේ ඉන්දියාවෙන් මසකට බිත්තර කෝටි 3ක් ගෙනඒමට නම් ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක් පමණ වැය කළ යුතු බවයි.

මේවන විට ඉන්දියාවේ බිත්තර තොග මිල ශ්‍රී ලංකා රුපියල් 20ත් 21ත් අතර පවතින බව වාර්තා වේ.

ඒ අනුව බිත්තරයක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 20කට ආනනයනය කළහොත් බිත්තර කෝටි තුනක් ගෙන්වීමට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 600ක් පමණ වැය කිරීමට සිදුවෙයි.

සබැදි පුවත්

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 10ක් !

ඇමති නලින් බිත්තර ගෙනාවේ කොමිස් ගන්නයි චෝදනාවක්

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved