Connect with us

පුවත්

කළුවා මෝදර චීන්නු ඇල්ලුවේ චීන පොලිසියෙන් !

Published

on

චීනයට අවශ්‍යවම සිටි රතුවරෙන්තුකාර චීන ජාතිකයින් තිදෙනා ඇතුළු චීන ජාතිකයන් 39 දෙනා අල්ලා ගැනීමට රැඳී සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගෙන වැටලීම සංවිධානය කර ඇත්තේ චීන තානාපති කාර්යාලය හරහා චීන පොලිසිය විසින් බව වාර්තා වේ.

මේ වැටලීමට චීන තානාපති කාර්යාලය සමඟ ජාත්‍යන්තර පොලිසියේ චීන පොලිසියට සම්බන්ධ පිරිසකුත් පැමිණ ඇති බව රජයේ දිනමිණ පුවත්පත වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයන් 33 දෙනකු, කාන්තාවන් 5 දෙනකු සහ කුඩා දරුවකුද සිටින බව පොලිසිය කියයි. 

මේ අයගෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති චීන ජාතිකයන් 03 තිදෙනා ඇතුළු චීන ජාතිකයන් 06 දෙනකු චීන තානාපති කාර්යාලය හා පැමිණි නිලධාරීන්ගේ දැඩි අධික්ෂණයටත් ප්‍රශ්න කිරීමටත් ලක්ව ඇතැයි පැවසේ.

ඒ අය චීන තානාපති කාර්යාලය භාරයට පත් කිරීමට අවශ්‍ය පියවරද ඊයේ (01) වන විට ගනිමින් සිටි බවද පැවසේ.

චීනයේ සිදු වූ දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව සඳහන්ය. 

මේ අයගෙන් 6 දෙනකු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් බලහත්කාරයෙන් මෙරට රඳවාගෙන සිටි බවයි. 

කෙසේවුවද, චීන තානාපති කාර්යාලය සිය භාරයට ගැනීමට කටයුතු කරන 9 දෙනා අතර එසේ චීන ජාතිකයින් 6ක් රඳවාගෙන සිටි අයද සිටින බව පැවසේ.

මේ චීන ජාතිකයන් 39 දෙනා මාස 6ක පමණ කාලයක් මෙරට රැඳී සිට ඇති බව සඳහන්ය. 

සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ ඇති ඔවුන් මෙම නවැතැන් පොළේ මෙතෙක් කාලයක් රැඳී සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 

මෙම චීන ජාතිකයන් සංවිධානාත්මකව මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට ලැප්ටොප් සහ ජංගම දුරකතන දෙමින් ඒ ඔස්සේ අන්තර්ජාල අපරාධවල යොදවා ඇති බව පෙනී යන්නේ යැයිද එම නිලධාරියා පැවසීය. 

මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේද චීන ජාතිකයන් පිරිසක් බවද චීන තානාපති කාර්යාලයට ලැබී ඇති තොරතුරුවල සඳහන් වන බවද වාර්තා වේ.

අන්තර් ජාල අපරාධ සඳහා යොදාගත්තේ යැයි කියැවෙන මෙම චීන ජාතිකයන් සතුව තිබී ලැප්ටොප් පරිගණක 40ක් සහ ජංගම දුරකතන 120ක් සහ තවත් තාක්ෂණික උපාංග රැසක් සොයා ගැනීමටද පොලිසිය සමත්ව ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව විදෙස් ගමන් බලපත්‍ර පවා තිබී නොමැත.

ඒවා මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු විසින් ඔහු සන්තකයේ තබාගෙන සිටින බවද විමර්ශනවලදී පෙනී ගොස් තිබේ.

මේ පිරිස අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට පත්ව තිබිණි.
මූලාශ්‍රය – දිනමිණ
සබැඳි පුවත්

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39ක් මාට්ටු

ක්‍රීඩා

කුසල්ට වීසා ලැබෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් හට අමෙරිකානු වීසා ලැබී තිබේ.

ඒ, ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහාය.

ඒ අනුව ඔහු ඉදිරි‌යේ දී අමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි විය.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු මත වීසා බලපත්‍රය ප්‍රමාද වූ බව සඳහන් වේ.

Continue Reading

පුවත්

වාහන ආනයනය ගැන තීරණයක්

Published

on

By

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවය.

මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

“වාහන ආනයනය කිරීම සම්බන්ධව… අපිට රටේ ඇති වුණ ප්‍රශ්නය විසඳගන්න, එක ඩොලර් එකක්වත් අපි ළඟ නැති තත්ත්වයකට පත් වුණානේ.  ඒ නිසා අපිට ආනයනයන් දෙදාහක් නවත්තන්න වුණා. එච්එස් කෝඩ් 2000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි දැන් අනිත් සියල්ලම විවෘත කළා. දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා. සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව. එකෙන් දෙන පණිවූඩය මොකක්ද? අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න. දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා. අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්.”

Continue Reading

පුවත්

ඩයනා අධිකරණයට බාරවෙයි

Published

on

By

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය.

සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයන් විසින් පවසන ලදී.

තම සේවා දායකයා කිසිවිටෙකත්  වහන් වී නැති බවද රහස් පොලිසිය මගින් ඇයව සොයන බවට මාධ්‍ය ඔස්සේ දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් වැඩිදුරටත් කියා ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved