Connect with us

පුවත්

නලින් ලූනු සොයන්න කිව්වම මනිල් මාස තුනක් පරණ ලූනු ‌සොයාගෙන

Published

on

මාස තුනකට කලින් ගෙන්වන ලඳ මින්ස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් තුනක් සීදූව, ලියනගේමුල්ල සෙන්තෝමස් පාරේ පිහිටි භාණ්ඩ රදවා තැබීමේ ගුඳමේදී සොයා ගැනීමෙන් අනතුරුව ඒ්වාට සීල් තබා කන්ටේනර් බාරව සිටි නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක සීදූව නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.පී.මනිල් සෝමතිලක මහතාට ලැබුණ තොරතුරකට අනුව ඒ මහතා ඇතුලු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම අද (13) පස්වරුවේ එලෙස  ලොකු ලූනු කිලෝ 20,000ක් පමණ මෙම කන්ටේනර් සොයාගෙන තිබේ.

ලැබුණ තෙරතුරු අනුව කණ්ඩායම විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමේදී කන්ටේනර් තුනක බහාලූ නරක්වී, පැලවී ඇති, ගඳගහන ලොකු ලූනූ සේවකයින් යොදවා පිරිසිදු කරමින් පැල වූ ලූනු කපා ඉවත්කර නැවත අලෙවිය සඳහා තේරීමක් සිදුකරමින් පැවැති බවද එම නිලධාරීහු කියති.

විශය භාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් වෙළඳුන් විසින් කෘතිම මිල වැඩිකිරීමට භාණ්ඩ සගවාගෙන සිටින බවත්, ඒ්වා සම්බන්ධයෙන් වැලීම් කරන ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දැනුවත් කර තිබූ බවද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්
බිත්තර හැංගුවේ මිල නැග්ගුවේ ඇමති හා ඥාතියාද?

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved