පුවත්

නවතා තිබු වාහන 03ක් ගිනි ගනී

Published

on

පාදුක්ක – මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහන 03ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එලෙස හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ගිනි ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත්, ඒ වන විටත් එම වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍ත් පොලීසිය පවසයි.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

පළමුවෙන් ත්‍රීරෝද රථයට ගිනි ඇවිලි ඇති බවත් අනතුරුව අනෙක් වාහනත් ගින්නෙන් විනාශ වී ඇති බවත් සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Trending

Exit mobile version